කොරෝනා

කිසිම පොකුරකට අයත් නැති කොරෝනා රෝගියෙක්

Share this Article

හොරණ පිහිටා ඇති ඇඳුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළ අතර ඇය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදී යි.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 6000ක පමණ පිරිසක් සේවය කරන අතර ආසාදිත කාන්තාව හදුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත් ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැතැයි ද වාර්ථා වන අතර ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරනවා.

ඇයට වෛරදය ආසාදනය වූ ආකාරය ගැටළුවක් බවත් ඒ පිලිබදව තව දුරටත් සොයමින් සිටින බවත් ඔහු පැවසුවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.