වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරනමින් ලෙඩරෝග විසිඑකක් ඇති කරන කිරිපිටි ගෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම මුදල වාර්ෂිකව මෙරටට ඖෂධ ගෙන්වීමට වැය වන මුදලට සමාන බවත්, කිරිපිටි මගින් ලෙඩරෝග 21ක් ඇති කරන නිසා ජනතාව ඉන් බේරාගැනීම සඳහා රට තුළ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
කිරිපිටිවල ඇති අහිතකර තත්ත්වය පිළිබඳ රෝහල්, පාසල් හා ආයතන මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
කිරිපිටි නිසා ඇති වන රෝගාබාධ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීමේ හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම වැඩසටහන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.