ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(19) පස්වරුවේ හදිසියේ කැදවා තිබූ කැබිනට් රැස්වීමට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරැණු බව වාර්තා වේ.
එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අති බහුතරය විරෝධය දැක්වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. මෙවැනි මොහොතක විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම විහිළුවක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
යෝජනාව අගමැතිවරයාගේ උගුලක් බවත් එයට සිය බලවත් විරෝධය පළ කරන බවත් අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක මෙවැනි යෝජනාවක් ගෙන ඒමෙන් ජනපතිවරණයට එජාපයේ ඇති බිය ජනතාවට පෙනෙන බවයි.
මෙම යෝජනාවට පක්ෂවී ඇත්තේ රවී කරුණානායක හා රාජිත සේනාරත්න බවද වාර්තා වේ.
(Image – ada derana)