Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

චීන දූත පිරිසක් මහින්ද හමුවෙයි

චීන දූත පිරිසක් මහින්ද හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් chen මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.

හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ගරු මහින්ද රාජපක්ෂ මහතා හා චීන ජනාධිපතිවරයා මුල් වී ආරම්භ කළ ශ්‍රී ලංකාවට මෙන් ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව මෙහිදී චෙන් chen මහතා පැවසීය. එමෙන් ම හම්බන්තොට වරාය දකුණු ආසියාවටම ඵලදායි ව්‍යාපෘතියක් බවත් එමගින් නව නාවික මුහුදු ගමන් මාර්ගයක් ප්‍රවර්ධනය කිරීමට හැකිවූ බව ද ඒ මහතා පැවසීය.

විධිමත් නීතිමය රාමුවක් තුළින් මෙම ව්‍යාපෘතින් කඩිනම් ක්‍රියත්මක වන බව චීන රජය බලාපොරොත්තුවන බව වැඩි දුරටත් පැවසීය. එමෙන්ම නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීම තුළින් මංමාවත් විදුලිය මෙන් ම පානීය ජල ප්‍රශ්න වලට විසඳුමක් සහ නව රැකියා උත්පාදනයට අත දීමට චීන රජය බලාපොරොත්තුවන බවද පැවසීය. ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග සුහදව මෙන්ම ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමට චීන රජයේ අපේක්ෂාව බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට චීන රජය ලබා දුන් සහාය ගැන මෙහිදී ස්තුති කළේය. පසුගිය වසර හතර හමාරක කාලය තුළ තම රජය ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් අඩාල වූ බවත් ඉදිරියේදී පත්වන තම රජයක් තුළින් එම ව්‍යාපෘතීන් කඩිනම් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව මෙහිදී සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂයක් සමග සුහදශීලීව මෙන්ම සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වන බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතා චෙන් ක්ෂුආන් මහතාද එක්විය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *