කැනේඩියානු මහ කොමසාරිස් අනුර කුමාර හමුවෙයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් 10 පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරී ගෝබිනාත් පොන්නතුරෙයි මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා ද එක්ව සිටියහ.
“ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජාතික ජන බලය නව මහ කොමසාරිස් වොල්ෂ් මහතාට ඔහුගේ ඉදිරි රාජකාරි සඳහා සුබ පැතුවා.” NPP නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
