“කාටත් පැනයක් වූ පැණියක්”

 

සුදර්ශනී පැණිය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් බොහොමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරය දැකගත හැකිය.

ඖෂධ වර්ග 53 කින් යුත් වට්ටෝරුවකට අනුව සාදනු ලබන සුදර්ශණී පැණිය උණ රෝගය වැනි වෛරස් රෝග වලට ප්‍රතිචාර දක්වන බව නිරීක්ෂණය වී තිබෙන බව ඒ පිළිබඳව පර්යේෂවල නියැලෙන්නන් පවසයි.

මෙම ඖෂධීය චූර්ණයෙහි කල් තබා ගත හැකි කාලය, සංඝටක හා ප්‍රති ප්‍රතිඔක්සිකාරක ගුණය සතුන්ට හා මිනිසුන්ට සුදුසුද නැද්ද යන්න පිළිබඳව වසර ගණනාවක් පුරාවට දේශීය වශයෙන් පර්යේෂණයන් අදටත් සිදුවෙමින් පවතී.

උක්ත පර්යේෂකයින් තව දුරටත් කරුණු දක්වමින් පවසා සිටින්නේ මෙය කොරෝනා වෛරසයට එරෙහිව සොයාගත් ඖෂධයක් නොවන බවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම අතර මූලික වශයෙන් සංකල්පමය වෙනස්කම් ඇති නිසා බටහිර වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සුදර්ශනී පැණිය මගින් කිසිදු ආකාරයක ප්‍රතිශක්තිකරණයක් සිදු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *