ක්‍රිකට් ලොව ප්‍රවීණයන්ගේ සුහද ක්‍රිකට් තරගයක්

ලැව්ගිනි හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදල වෙනුවෙන් ක්‍රිකට් ලොව ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් ඊයේ (09) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැත් විය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙම තරගය සඳහා සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන්ලාරා, ඇඩම් ගිල්ක්‍රිස්ට්, රිකී පොන්ටින්, වසීම් අක්‍රම්, ෂේන් වොට්සන් ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වී සිටියේය.

පන්දුවාර10 කින් සමන්විත තරගයට සහභාගී වූ කණ්ඩායමේ දෙකේ නායකත්වය ඇඩම් ගිල්ක්‍රිස්ට් හාරිකී පොන්ටින් විසින් දරනු ලැබුවේය.

පොන්ටින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුළු 5කට ලබාගත් ලකුණු 104ට පිළිතුරු ලෙස ගිල්ක්‍රිස්ට්ගේ කණ්ඩායමට පන්දුවාර 10තුළ කඩුළු 5ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

ඒඅනුව තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට රිකී පොන්ටින්ගේ කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published.