Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු බංග්ලාදේශයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙයි

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු බංග්ලාදේශයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙයි
බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී ඇති බව වාර්තා වේ.
බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා බංග්ලාදේශයේ දී පැවති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එංගලන්ත තරග සංචාරය සදහා සහභාගී වීමේ අවස්ථාව ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී යළිත් වරක් යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වීමට සිදු වේ.

එසේ වුවහොත් පමණක් එම ක්‍රීඩකයින්ට එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇත.

වාර්තා වන ආකාරයට මෙලෙස පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් දෙදෙනායි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කල වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමයට ක්‍රිඩකයින් විරුද්ධ බව මේ වන විට වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *