කහටගස්දිගිලියේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට – දෙදෙනෙක් රෝහලට

කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී ජීප් රථයක යතුරුපැදියක් ගැටී ඊයේ (16) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබේ. අනතුරින් යතුරුපැදියේ ගමන් කල පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ අතර එහි පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වාර්තාවන අන්දමට මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගමන් ගත් නිළ රථයයි. (ඡායාරූප උපුටා ගැනීම: Accident 1st)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *