LK reports news sinhala

කවුරුත් නොකළ වැඩක් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කරයි

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ මහ ලේකම් යසස්‌ ධර්මදාස මහතා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස්‌ වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මෙරට හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කරනු ලැබීම ගැන ද ඇය සෘජුව මැදිහත් වී ඇති බව දක්‌වන ඒ මහතා මෙම ක්‍රියාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩකිරීමක්‌ බව ද එම පැමිණිල්ලේ තවදුරටත් දක්‌වා තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට එරෙහිව මෙතෙක්‌ කිසිදු පාර්ශ්වයක්‌ පැමිණිලි කර නැති අතර ජිනීවා යෝජනාවට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර එකඟත්වය පළ කිරීම නීති විරෝධී බවත් ඊට අනුමැතිය දිය හැක්‌කේ ජනපතිට පමණක්‌ බවත් දක්‌වමින් ඉදිරිපත් කළ පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලය ප්‍රතික්‌ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇතැයි යසස්‌ ධර්මදාස මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ඡේප්රි නයිස්‌ සහ නීතිඥ දර්ශන වීරසේකර යන මහත්වරුන් එම අභියාචනය මානව හිමිකම් කවුන්සිල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

මෙම අභියාචනයෙන් රටක නායකයා විදේශ ඇමැති නොව ජනපති යැයිද දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *