ශ්රී ලංකාවේ ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන ඇත.
මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම්කළ හය වැනි පුහුණුකරු මහේල ජයවර්ධන වන අතර මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව කරා මෙහෙය වීය.
විටෙක ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධූරය සඳහාද මහේල ජයවර්ධනගේ නම යෝජනා වී තිබූ අතර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ඔහුගේ නම යෝජනා වී තිබේ.