කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම 2023 පෙබරවාරි 16 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *