කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට පියවර

කර්මාන්ත අමාත්‍යංශයට අයත්, දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා ඇතුළු නිලධාරින් සමග පාලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය ව්‍යාපෘති උපදේශක සුදේශ් නන්දසිරි, ආරක්ෂක හමුදා මූලස්ථානයේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.