Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කතරගම දේවාලයේ මහ කපුවා අතුරුදන් බවට පොලීසියට පැමිණිලි

කතරගම දේවාලයේ මහ කපුවා අතුරුදන් බවට පොලීසියට පැමිණිලි

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක්  කතරගම පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.

සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තම පියා ඔහුගේ වැඩිමල් සහෝදරි‍යෙකු සමඟ පසුගිය දා නිවසින් පිටත්ව ගිය අතර මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බව දියණියන් පොලීසිය වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා පැමිණිලිකාර පාර්ශවයට සහ විත්තිකාර පාර්ශවයට පොලීසිය වෙත අද දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

එහෙත් විත්තිකාර පාර්ශවය ප්‍රකාශ කර ඇත්තේ, හෙට දිනයේ දී කතරගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන බවය.

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබාදුන් පවුම් 38ක බරකින් යුත් රත් තැටියක් අතුරුදන් වීමේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු දේවාලයේ ප්‍රධාන කපු මහතා මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කණ්ඩායම් එම සිද්ධියට අදාළව කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ චුටි කපුරාළ නැමැත්තා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැරියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *