කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග එම කඳවුරේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. එමෙන්ම කඳවුරේ ගමන් බිමන්ද සීමා කර ඇත. අදාළ කොප්රල් වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
මෙම කෝප්රල් වරයා පරීක්ෂාවට ලක් කර ඇත්තේ නාවික හමුදා සංගීත කණ්ඩායමේ දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වීමත් සමගයි.
පසුගිය දිනවල කොළඹ මහල් නිවාස සංකීර්ණ අසල සංගීත සංදර්ශන පැවැත්වීමට නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමද දායක විය.