කටුනායක අධිවේගී මාර්ගය වසා දැමීමට හේතුවූ කසල නිසා ඇතිවූ ගින්න (Photos)

Share this Article

ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා. ඒ හේතුවෙන් කටුනායාක – කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් සීමා කිරීමට සිදුවිය.

පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි.

එම කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඊයේ සිදුවූ මෙම ගින්න හේතුවෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා විශාල දුමාරයක් පැතිරගිය බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට පවා අපහසු වූ බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ.

රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ පරිසරය ආරක්ෂා කර ගැනීම මුලික වගකීම බවත් මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අවධානය යොමු විය යුතු බවයි.

ඡායාරූප අනුග්‍රහය: දිනූෂ නනායක්කාර

 


Share this Article

Leave a Reply

Your email address will not be published.