ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරති.

එය තහවුරු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ය.

පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි.

නමුත් මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් ඉහළ ගොස් තිබුණි.

මැයි 31 වනදා වනවිට එම රෝගීන් සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *