තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මිය යයි

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මියගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඇය කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7වැනි ගර්භණි කාන්තාව වේ. ඇය ඊයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ අතර ගැබිනි කාන්තාවන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට සැලසුම් කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ඔවුන්ට ලබාදීමට නියමිත බවයි මාතෘ හා ළමා සෞඛ්‍ය  අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසීය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ගර්භනී කාන්තාවන් 07 දෙනෙකු මියගොස් ඇති බව ද ඇය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *