ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයවලුන්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම මැයි මස පළමු සතියේදී ආරම්භ කිරීමට සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇත. මෙරට පුද්ගලයන් 925,242 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නෙත් පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව ඊයේ දින රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.