ඔක්කම්පිටියේදී විදුලි සැර වැදී වන අලියෙකු සහ පැටවෙකු මිය යයි

ඔක්කම්පිටිය, මාලිගාවිල, ජෝති අමුණ ප්‍රදේශයේ ගොවිපලක නීතිවිරෝධී ලෙස සකස් කර තිබූ විදුලි රැහැනක පැටලී වන අලියෙකු සහ පැටවෙකු මිය ගොස් තිබේ.

උක්, පැපොල්, කෙසෙල් සහ වී වගා කරන මහා පරිමාණ වගාවක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කර තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වන අලි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මියගිය සතුන් අඩි හයක් පමණ උස අවුරුදු 20 ක් වයසැති අලියෙකු සහ අඩි හතරක් පමණ උස අවුරුද්දක් වයසැති පැටවෙකි.

ඉඩම ආරක්ෂා කරමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු ප්‍රදේශයෙන් පලා ගොස් දැනට සැඟවී සිටී.

ඔක්කම්පිටිය පොලිසිය සහ වනජීවී නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *