අද පස්වරුවේ රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ තනතුරු සහ ලාංඡනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (09) පැවති රැස්වීම් කිහිපයකදී අදහස් පළ විය.
අද පැවති මාධ්‍ය හමුවකදි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ පාක්ෂිකයන්ට වුණ අසාධාරණය සම්බන්ධයෙන් දන්නා බවත් ප්රබලයන්ට පාක්ෂිකයන් අමතක ව බවත්ය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ පක්ෂ අභ්‍යන්තරේ ඇති ප්‍රශ්න විසදී ඇති බවත් පක්සයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්ය.