බලශක්ති අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන්කර ඇත. මෙරට එක්සත් අරාබි එමීර් රජ්‍යයේ තානාපති කාර්යාල ප්‍රධානී හුමේඩි ඩාවිෂ් අල් තමේමි මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර ඊයේ පැවති හමුවකදී මෙම ගිවිසුම් සඳහා අත්සන් කළ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සෘජුවම බොරතෙල් ආනයනය කිරීම, බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම සහ ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය ලබාගැනීම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව සෘජුවම බොරතෙල් ආනයනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර තිබේ.