උස් ගොඩනැගිලිවල ඩෙංගු මර්දනය සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීමට පියවර…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) ප්‍රවේශ විය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කරන ලදී.

සෙනසුරාදා (20) එවැනි ගොඩනැගිලිවල මදුරුවන් බෝවිය හැකි පල්වෙන ජලය මත මෙම ඩ්‍රෝන යානා යොදා ගනිමින් බීටීඅයි කැට සහිත රසායනික ද්‍රව්‍ය ද ඉසින ලදී.

බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර මහත්මිය පැවසුවේ ජලය භෞතිකව ඉවත් කළ නොහැකි ස්ථානවලට මෙම කෘමිනාශක ඉසින බවයි.

මෙම රසායන ද්‍රව්‍ය යෙදීමෙන් පසු මදුරු කීටයන් පවා විනාශ වී යයි. එම ස්ථානවල මදුරුවන් නැවත පැමිණ බිත්තර දමන්නේ නැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

දැනට රට තුළ පවතින අධි අවදානම් ඩෙංගු තත්ත්වය පහව යනතුරු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම ඩ්‍රෝන යානා දිනපතා බෙදා හැරීමට ද සැලසුම් කර ඇත.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 35,419ක් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර රෝගීන් 7,978ක් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,411ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් 2,121ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *