උසස් පෙළ ප්‍රතිඵල අද එයි

2019 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අද(27) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වනවිටත් එම ප්‍රතිඵල පරිගණකගත කොට අවසන් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

අගෝස්තු මස 8 වැනිදා ඇරඹි මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 337 704 කි. ඒ අතරින් නව විෂය නිර්දේශය යටතේ  විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 198,229ක් වන අතර, පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 139,475කි.  ප්‍රතිඵල නිකුත් වූ පසු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි (https://doenets.lk/result/gvresult.jsfහෝ https://doenets.lk/) ඔස්සේ ප්‍රතිපල දැන ගැනීමේ හැකියාව පවතී.

මේ අතර මෙවර උසස් පෙළ දිවයිනේ ප්‍රථම දෙවැනි ආදී ස්ථාන ලබානොදී ප්‍රතිඵල පමණක් පාසල්වලට නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලදීද මෙම ක්‍රමය අනුගමනය කළ අතර මේ හේතුවෙන් සිසු මනසට සිදුවන බලපෑම අවම වනු ඇතැයි විද්වත් මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *