උපාවසයේ නිරත ශේගීන් නිකායේ භික්ෂුවට එම නිකායෙන්ම චෝදනා – මහ නායක හිමිත් උපවාසයට විරෝධය පායි (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකා ශේගීන් නිකායට අයත් බව කියන ඉඟුරුවත්තේ සුමංගල නමැති භික්ෂුව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදුකරගෙන යන උපවාසයට තම නිකායේ සම්බන්ධයක් නැති බවත් එය අනවශ්‍ය ක්‍රියාවක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් ශේගීන් නිකායේ මහනායක ඉඟුරුවත්තේ පියනන්ද හිමියෝ පවසති.
ඒ හිමියන් ඇතුළු තවත් නායක හිමිවරුන් පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණ මෙම ප්‍රකාශය කළ අතර එහිදී උපවාසයට සහාය දක්වමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනකු ඊට බාධා කරන ආකාරයද දැකිය හැකි විය.
එසේම උපවාසයේ නිරත සුමංගල භික්ෂුව වෙසෙන පන්සලේ දායක පිරිසක්ද කියා සිටියේ මෙම හිමියන් කරන්නේ බොරුවක් බවයි. මුදලට විකිණී ඇති මෙම හිමිනම කරන ක්‍රියාව තමන් අනුමත නොකරන බවද මණ්ඩාවල නන්දාරාමයේ දායක සභාව කියා සිටී.
https://www.facebook.com/WeR4SL1/videos/477877662842541/
