උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බවත් ඒ ආකාරයෙන් උපාධිධාරීන්ට ලබාදෙන පුහුණුවක් නවතා දමන්නේ කුමන නීතිමය ප්‍රතිපාදන අනුවදැයි තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටින බවද ඔහු කීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පුවත්පත්කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමා මෙසේද පැවසීය
“උපාධිධාරීන්ට පත්වීම් දීලා ඉවරයි. මේක ඡන්දයක් බලාගෙන දීපු එකක් නෙමෙයි. ඒක මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ දෙයක්. පත්වීම් පක්ෂයක්, පාටක් බලලා දුන්නේ නෑ. මැතිවරණ කොමසාරිස්තුමා පුහුණුව දෙන්න එපා කියන එකේ මට නම් කිසිම තේරුමක් නෑ. ඡන්දයක් හින්දා මේ අයට රැකියා පුහුණුව දෙන එක නැවැත්වීම තේරුමක් නෑ. තවම නාමයෝජනා දීලත් නෑ.”