ඊශ්‍රායල හා පලස්තීන ගැටුම් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට දින තුනකට පෙර මෙම තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳව දැනුම්දුන් බව එහි දැක්වේ.

“ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවරවීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී,” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published.