Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ලොව වටා

ඊශ්‍රායලය පලස්තීනයේ සටන් විරාම ප්‍රතික්ෂේප කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි, හමාස් ප්‍රභලයින් 9දෙනෙකු මරුට

ඊශ්‍රායලය පලස්තීනයේ සටන් විරාම ප්‍රතික්ෂේප කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි, හමාස් ප්‍රභලයින් 9දෙනෙකු මරුට
පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ඉල්ලීම ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊශ්‍රායෙල් අගමැතිවරයා විසින් ඊයේ දිනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ හමාස් සංවිධානය යටත් වන තෙක් සියලු ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කරන බවත්, අවශ්‍යනම් ගොඩබිම් මෙහෙයුම් ද දියත් කිරිමට සුදානම් බවයි.

“ ඔවුන් සිහිනෙකින්වත් නොසිතන අයුරින් අපි ඔවුන්ට ප්‍රහාර එල්ල කරනවා” ඊශ්‍රායෙල් අගමැතිවරයා කියා තිබේ.

හමාස් සංවිධානය විසින් ඊයේ දිනයේදී රුසියානු විදේශ අමාත්‍යාංශය හරහා සටන් විරාමයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර සිටි නමුත් ඊශ්‍රායල් අගමැතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉකුත් සඳුදා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා, මිසයිල නිර්මාණ අංශයේ ප්‍රධානි සහ ගාසා තීරයේ හමාස් සංවිධාන අණ දෙන නිලධාරියා ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර 1,000 කට වඩා වැඩි සංඛ්‍යාවකින් ඊශ්‍රායෙල් වැසියන් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර ඊශ්‍රායලය විසින් සිදුකළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ඊශ්‍රායාලය විසින් හමාස් සංවිධානයේ ඉලක්ක සඳහා ගුවන් ප්‍රහාර 650ක් එල්ල කර ඇත.

ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින බවත් දෙපාර්ශවයම මෙය සාකච්ජා කොට විසඳා ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල් කිහිපයක්ම ඉල්ලීම් සිදුකර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *