ඊයේ දිනයේ කොවිඩ් මරණ 38ක් වාර්තා වෙයි

මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් තහවුරු කිරීමත් සමඟ ය.

තහවුරු කරන ලද මරණවලින් මරණ 3 ක් ඊයේ දිනයේ දිනයේ සිදුව ඇති අතර සෙසු මරණ අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා කාලය තුළ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම මරණවලින් මරණ 21ක් පිරිමි පුද්ගලයින් වන අතර සෙසු මරණ 18කාන්තාවන් වන බව සඳහන් වේ.

මරණ අතර වයස අවුරුදු 50ට අඩු පුද්ගල මරණ 05ක් වාර්තා වන අතර 32 හැවිරිදි සහ 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුද ඒ අතරට අයත්ය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 11ක් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 07ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 06ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 05ක් ලෙස එම මරණ වාර්තා වී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 04ක් , කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 03ක් සහ රත්නපුර, කෑගල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවලින් ද එක් මරණය බැගින් වාර්තා විය.

මොවුන්ගෙන් වැඩි පිරිසක් කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *