රටේ ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන රසායනික පොහොර භාවිතය නතර කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි

රටේ ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන රසායනික පොහොර භාවිතය නතර කළ යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ දිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

“ වර්තමාන තත්ත්වය අනුව මෙවර යල් කන්නය සඳහා අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි රට තුල ඇති අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පොහොර බෙදා හැරීමේ කටයුතු ද නිසි පරිදි සිදුකෙරනවා. එසේ වුවද තේ වගාව සඳහා අවශ්‍ය පොහොර අප විසින් නිෂ්පාදනය කර ගත යුතුය.

රසායනික පොහොර ගෙන්වීම සහ රසායනික ද්‍රව්‍ය ගෙන ඒම මේ වන විට අපි නතර කොට තිබෙනවා රසායනික පොහොර හේතුවෙන් අපගේ පස විනාශ වීමත් පොහොර භාවිතය අධිකවීමත් නිසා රජය මෙම තීරණයට එළඹිලා තිබෙනවා. රසායනික පොහොර භාවිතය දිනෙන් දින වැඩිවීම බරපතල ප්‍රශ්ණයක්. මෙය දිගෙන් දිගටම පැවතීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට මෙන්ම රටේ ආර්ථිකයට ද තර්ජනයක්. මේ තත්ත්වය අපේ රටේ ණය බර ඉහළ යාමටත් ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා. මේ වන විට සියළුම ගොවීන් සඳහා රසායනික පොහොර මේ රජය මඟින් නොමිලේ ලබාදෙනවා.”

ඒ අනුව, මෙසේ යෙදිය යුතු පොහොර ප්‍රමාණය වැඩිවීම තුලින් නොමිලේ ලබාදෙන පොහොර සඳහා වැය කරන මුදල ද සීඝ්‍ර ලෙස ඉහළ යන බව ද මෙහි දී ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් පොහොර භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් ඒ ඒ බෝග වගාවන් අනුව සහ බෝගයන්ගේ වර්ධන කාලසීමාවන් අනුව විවිධ වු නම් වලින් වෙළඳපොලට නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර වර්ෂ 1960 පමණ කාලයක සිට මෙම රසායනික පොහොර භාවිතයට ශ්‍රී ලංකාවේ ගොවීන් හුරුපුරුදු වී සිටී.

වර්තමානයේ වුවද පිළිකා රෝගය, වකුගඩු රෝග ඇතුළු විවිධ වූ රෝගාබාධයන් සඳහා මෙම රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය හේතු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා. පොළොවේ නිස්සාර බව දිගින් දිගටම පොහොර යෙදීම නිසා වැඩිවී තිබෙන බවත්, මේ සඳහා කඩිනම් විසඳුමක් සකසා නොගතහොත් මේ රටේ කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය මහා අගාධයකට වැටෙන හෙයින් රජයක් වශයෙන් කෙසේ හෝ මෙයට නිසි විසඳුමක් සපයා ගත යුතු බවත්, විශේෂයෙන් තේ වගාවේ දී රසායනික පොහොර වෙනුවට විකල්ප පොහොර යෙදීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් සාර්ථකත්වය ලබා තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම බොහෝමයක් කාබනික පොහොර ක්‍ෂුද්‍ර ජීවින් මඟින් නිෂ්පාදනය කරනු ලබන පොහොර වර්ග වන අතර මෙම ක්ෂ්ද්‍ර ජීවින් පස සමඟ ක්‍රියාත්මක වීමෙන් පසේ ඇති යම් යම් විශේෂ ගුණාංග එම ක්ෂ්ද්‍ර ජීවින් විසින් නිදහස් කිරීම හේතුවෙන් එම ශාකයට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීම නිසා පොස්පේට්, පොටෑසියම්, නයිට්‍රජන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය මේ හේතුව මත පසට එකතු වීම සිදු වේ.

මෙම කටයුතු ඉතා සරල ක්‍රියාකාරකම් නොවන අතර රසායනාගාර තුළ දිගු කැපවිමකින් සහ පරිශ්‍රමයකින් නිෂ්පාදනය කර ගත යුතු වන බව සඳහන් කළ ඒ මහතා මේ වන විටත් සමහර වැවිලිකරුවන් සහ වෙනත් බෝග වගාකරුවන් රසායනික පොහොර 50% ක් සහ කාබනික පොහොර 50% වශයෙන් යොදවා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත් අවස්ථා ද අප වෙත වාර්තා වී තිබෙන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.

ඒ අනුව වත්මන් රජයේ වෑයම මෙසේ භාවිතා කරන 50% ක් වූ රසායනික පොහොර ප්‍රමාණය ද සම්පූර්ණයෙන් නතර කොට කාබනික පොහොර යොදා ඉදිරි අවස්ථාවන් හී වගා කටයුතු සිදුකිරීම බවත්, කාබනික පොහොර දේශීය වශයෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කිරීම සඳහා විශේෂඥ උපදෙස් මත මේ වන විටත් රජය කටයුතු කර ඇති බැවින් ඉදිරි මාස් කන්නය වන විට ක්‍රම ක්‍රමයෙන් මෙම රසායනික පොහොර භාවිතය අඩුකරගත හැකි වීම පිළිබඳව තමන් විස්වාස කරන බව ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *