ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයින් 33 ක්, ඉන් 31ක්ම නාවික හමුදා සාමාජිකයින්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් ඊයේ (04) දිනයේ හඳුනා ගැණුනු අතර ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ තහවුරු වු පුද්ගලයින් 33 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බවටත් අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයින් සිටන පවුලක සාමාජිකයින් දෙදෙනෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අතර වයස අවුරුදු 13 ක දරුවකු සහ වයස අවුරුදු 70 ක පමණ කාන්තාවක් ද වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *