ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 382ක්, මරණ 3ක්

ඊයේ (16) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 382ක් වාර්තා වී තිබේ. එම ආසාධිතයින් 382 දෙනා සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,170ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් ආසාධිත මරණ 3ක් ද ඊයේ දිනයේ වාර්තා වුණා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 61කි.

ඊයේ දිනයේ මිය ගිය අය අතර, මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් සිටින අතර ඇය සිය නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගය සමඟ කොවිඩ්-19 ආසාදනයවීමයි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්ද ඊයේ දිනයේ මිය ගිය අතර ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙළෙන අතර කොවිඩ් ආසාදනයවීමය.

මිය ගිය අනෙක් පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පිරිමි පුද්ගලයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව සහ සංජානනීය හෘද රෝගය කොවිඩ්-19 ආසාදනයවීම නිසා උත්සන්නවීමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *