ඉරාක අමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කඳවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ලවු අතර ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් බාරගෙන තිබුණි.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ප්‍රහාරය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සඳහා එල්ල කළ ප්‍රහාරයක් බවයි.

කෙසේ නමුත් ප්‍රහාරවලින් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. ඉරාකය තුළ පිහිටි හමුදා කඳවුරුවල අමෙරිකානු සෙබලුන් 5 000කට වැඩි පිරිසක් රඳවා සිටියි.

ඉරාක පාර්ලිමේන්තුව පනතක් සම්මත කරමින් අවධාරණය කර සිටියේ සිය භූමියේ සිටින සියලු විදෙස් සෙබලුන් වහාම රටෙන් ඉවත්ව යායුතු බවයි.

 

ප්‍රහාරයට අදාල වීඩියො පටය The Guardian උපුටා ගන්නා ලදී.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *