ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව විධිමත් සංචාරයක් සඳහා අද (2023 ජනවාරි 15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගන්නා ලදී.

INS ‘දිල්ලි’ යනු 390 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද මීටර් 163.2 ක් දිග විනාශකාරී නෞකාවක් වන අතර නෞකාවේ අණදෙන නිලධාරියා වන්නේ කපිතාන් ශිරාස් හුසේන් අසාද් විසිනි.

මේ අතර, INS හි අණදෙන නිලධාරී විසින් ජනවාරි 16 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ ස්වේච්ඡා නාවික බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් දම්මික කුමාර හමුවීමට නියමිතය. නෞකාවේ රැඳී සිටින කාලය තුළ, නාවික හමුදා දෙකක් අතර සහයෝගීතාව සහ සුහදතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට කාර්ය මණ්ඩලය සහභාගී වනු ඇත. ඔවුන් ත්‍රිකුණාමලයේ දර්ශන නැරඹීමේ විනෝද චාරිකාවකට ද යාමට නියමිතයි.

අනෙක් අතට, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් INS ‘දිල්ලි’ නෞකාවේ පුහුණු සංචාරයක නිරත වනු ඇත. සංචාරය අවසන් කරමින් INS ‘දිල්ලි’ ජනවාරි 17 වැනි දින දිවයිනෙන් පිටත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *