Renovation work of Northern Railway line begins under Indian loan

ඉන්දීය ණය යටතේ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ විය.

මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේදී සමාරම්භක උත්සවය පැවති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රු. බිලියන 33 ක ව්‍යාපෘතියක් ඉන්දීය රජය විසින් ලබා දෙන ණයක් යටතේ සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වී සිටින ඉන්දීය සමාගමක් වන IRCON International මෙම දුම්රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ද මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *