LK reports news sinhala

ඉන්දීය ආරම්භය බිඳ වැටේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අවසන් වනවිට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 203ක් ලබා සිටී. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අජින්ක්යා රහනේ ලකුණු 81ක් ලබාගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් ලකුණු 44ක් ලැබූ අතර ‍අනෙක් පිතිකරු‍වන්ට සාර්ථක වීමට කොදෙව් පන්දුයවන්නෝ ඉඩ ලබානොදුන්හ. ඉන්දීය නායක විරාත් කෝලිට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9ක් පමණි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙමා රොච් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *