Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාවට අන්ත පරාජයක්

ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාවට අන්ත පරාජයක්

ඉන්දියාව සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් විය. ඒ අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 202කින් ජයගනිමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූ අතර දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 162ක් පමණි. ඉනිමක පරාජයෙන් බේරීමට 335ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 133ක් පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී රෝහිත් ශර්මා සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළ අතර තරගාවලිය පුරා පිත්තෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානවලින් පිදුම් ලැබීය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 203ක ජයක් ලැබූ අතර දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 137කින් ජය ලැබීය. ඒ අනුව දකුණු අප්‍රිකාවට අන්ත පරාජයක් මෙවර ටෙස්ට් තරගාවලියේදී හිමිවූ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ ජයත් සමග ඉන්දියාව පෙරමුණේ පසුවේ.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *