මහේෂ් සේනානායක හදිසියේ අසනීප වී රෝහල්ගත කරයි

ජනපති අපේක්ෂක හිටපු හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(22) දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. ජාතික  ජනතා පක්ෂයේ  ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා බලන්ගොඩ නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක සංවිධානය  කර තිබූ හමුවකට සහභාගි  වීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යෑමට සූදානම්වූ අවස්ථාවේ ඔහු රෝගාතුරවී ඇතැයි වාර්තා වේ.

රෝගාතුර වූ ඔහු බලන්ගොඩ මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි. රෝහලේ පැයක පමණ  කාලයක්  ප්‍රතිකාර ලබා ඒ මහතා අද දහවල් රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි පවසයි. මහේෂ් සේනානායක මහතාට  ඇති වු අධික  උණ තත්ත්වයක්  හේතුවෙන්  ක්ලාන්තය ඇතිවීමෙන් ඔහු රෝගාතුරවී ඇතැයි රෝහල් වෛද්‍යවරු කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *