ඉදිරි මහ මැතිවරණය දිනුවොත් ගෝඨාභය සමග එක්ව ආණ්ඩු කරන්නේ නෑ – අකිල

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයේදී තරග කරන ආකාරය පිළිඹද තීන්දු තීරණ හෙට (30) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී තීරණය කිරීමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එතුමා මේ අදහස් පළකලේ සිරිතොක පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඒ අනුව පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර කැමැත්ත මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකතුවී ආණ්ඩු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.