ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
සිකුරාදා පස්වරු 4.00ට නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙම ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතිනු ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවටද අනාවැකි පළ කර තිබේ.
මීට අමතරව, උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ වේගයකින් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි තාවකාලික ප්‍රාදේශීය තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



