මෙම සති අන්තයේ රටටම බලපැවැත්වෙන පරිදි යම් ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය නොපනවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. ඒ මහතා පවසා සිටින්නේ එවැනි සූදානමක් ඇති බවට පලවන ප්‍රචාර අසත්‍ය බවයි.
යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ පවතින තත්වය මත තත්ත්වය පාලනය කිරීමට අදාළ යම් යම් සීමාවන් පැනවීමට හැකියාවක් පැවතුණද ඉදිරි දින දෙක තුළ රටටම හෝ යම් ප්‍රදේශයක් ආවරණය අයුරින් ඇදිරිනීතිය පැනවීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි.