Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඉදිකිරීම් ක්‍ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලු අවධාරණයට…

ඉදිකිරීම් ක්‍ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලු අවධාරණයට…
Patali-Construction-industry

ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එල්ල වී ඇති ගැටලු පිළිබඳව ජාතික සභාවේ අනුකාරක සභාව සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයකට අනුව, ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාවේ ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) රැස්විය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන පාර්ශව කිහිපයක නියෝජිතයින් සහභාගී වූ අතර එම ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබා ගන්නා ලදී.

ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිතව සෘජු රැකියා 650,000ක් සහ වක්‍ර රැකියා 700,000ක් පමණ පවතින බව පැමිණ සිටි නියෝජිතයෝ පෙන්වා දුන්හ. නමුත් මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටී ඇති බවත් මේ හේතුවෙන් කම්කරුවන් අර්බුදයකට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා.

තවද, දැනට ඉදිකර ඇති මහල් නිවාස, කාර්යාල වැනි ඉදිකිරීම් අලෙවි කිරීම ද දුෂ්කරතාවට පත්ව ඇති බව එම පාර්ශ්ව පෙන්වා දුන්නා.

එමෙන්ම මෙතෙක් ඉදිකර ඇති ඉදිකිරීම්වලින් කොටසක් රජය විසින් නොගෙවීම හේතුවෙන් බැංකු ණය ගෙවීමට අපහසුතා ඇති විශාල පිරිසක් සිටින බවද පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන්නා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් රට හැර යාමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවද මෙහිදී අනාවරණය විය.

මුදල් අවශ්‍ය විසඳුම්, මුදල් අවශ්‍ය නොවන විසඳුම් සහ නීතිමය විසඳුම් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ක්‍රියාත්මක නොකළහොත් රටේ ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල කඩාවැටීමකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ රජයට යෝජනා කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *