ශී‍්‍ර ලංකාවට රැගෙන විත් තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 08ක් පමණ වටිනා සන්නිවේදන උපකරණ තොගයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබේ. ඊශ්‍රාලයෙන් මෙම සන්නිවේදන උපකරණ තොගය ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.
නියමිත ටෙන්ඩර් පටිපාටයෙන් බැහැරව ඉකුත් ආණ්ඩුව සමයේදී ගෙනා මෙම උපකරණ සදහා ලබාගත යුතු තාක්ෂණ ඇගයීම් වාර්තාවක් හෝ විද්වත් උපදේශනද මෙහිදී ලබා ගෙන නොමැති බවටත් වාර්තා වේ.
2017 වසරේදී ආරක්ෂක ආමාත්‍යංශය යටතේ මෙම උපකරණ මිලදී ගැනීම් සිදු කර තිබේ. ඊට අදාල ගෙවීම්ද සම්පූර්ණයෙන් සිදු කර තිබේ. කෙසේ වෙතත් ආනයනය කළ එම උපරකරණ කිසිවක කවරවත් මේ වනතෙක් ඉවත් කර නොමැති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම උපකරණ මිලදීගත් සමාගම මේ වන විට වසා දමා ඇතැයිද ඒ අනුව උපකරණ ආපසු භාර දී මුදල් අය කර ගැනීමටද නොහැකි වී ඇතැයිද වාර්තා වුණා.
මෙම ගණුදෙනුව සඳහා ඉහල පෙලේ දේශපාඥයකුගේ ඥාතී පුත්රයෙකුද යුද හමුදාවේ ඉහල පෙළේ විශ්‍රාමික නිලධාරීයෙකුද සම්බන්ධ බවටයි සැකකෙරෙන්නේ.