ඇමෙරිකානු රාජ්‍ය ලේකම් එන්නේ MCC සහ SOFA අත්සන් කරගන්න – පාඨලී කියයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට එන්නේ MCC ගිවිසුම පමණක් නොව ඇක්සා ගිවිසුමේ දිගුවක් වන SOFA ගිවිසුම පවා අත්සන් කරගැනීමට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා පවසා සිටින්නේ සෝෆා ගිවිසුම හරහා ඉන්දියානු සාගර කලාපය තුළ යැංකි බලවේගයන්ට ඉඩ ලබාදීමට රාජපක්‍ෂ පාලනය අවසර ලබාදී ඇති බවයි. එමගින් ඉදිරියේදී ඉතා භයානක තත්ත්වයක් ඇතිවන බවට ප්‍රකාශ කල මන්ත්‍රීවරයා ලෝක බල කඳවුරු දෙකක් වන එක් පසෙකින් ඇමෙරිකාව, ජපානය, ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතරද, අනෙක් පසින් චීනය, රුසියාව, පාකිස්තානය සහ ඉරානය අතරද ඇතිවන අර්බුදකාරී තත්ත්වයට මුහුණදීමට ශී‍්‍ර ලංකාවට සිදුවනු ඇතැයිද අවධාරණය කර සිටියි.

මේ මෙහොතේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එම්.සී.සී. ගිවිසුම එම නමක් හෝ වෙනත් නමකින් හෝ අත්සන් නොකරන බවට ජනතාවට සහතිකයක් වහා ලබා දිය යුතු බවද මන්තී‍්‍රවරයා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *