‘ඇමැතිවෙලා නොකළ දේ ජනපති වෙලා කරනවා කීම විහිළුවක්‘ – ගෝඨාභය සජිත් ගැන කියයි

දෙමළ සන්ධානය තමනට අවශ්‍ය බෙදුම්වාදී වුවමනා ඉටුකරන පාර්ශ්වය තෝරාගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර නගරයේ පැවැති ජනරැලියකදී පැවසීය.

රජයේ බලවත් ඇමැතිවරයෙක් වෙලා සිටියදී තම ප්‍රතිවාදී අපේක්ෂකයා කියපු දේවල් නොකර ජනපති වූ පසු කරනවා යැයි කියනවානම් එය විශ්වාස කළ නොහැකි විහිළුවක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

“නීති අංශයේ උසස්ම නිලධාරියෙක්  නීති කඩන්නත් පුළුවන් හදන්නත් පුළුවන් කියනවනම් එවැනි රජයක නීතියේ ආධිපත්‍ය රකිනවා කියන එක විහිළුවක්. ඊයේ සිදුවීමක් වුණා, කවුරු වැරදි වුණත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීති ක්‍රියාත්මක කරන අය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන්ද ගෝඨාභය මහතා එහිදී පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *