Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඇගේ කඳුළ බර වැඩිවෙයි – පොඩි පොඩි සංශෝධන එපා කියයි

ඇගේ කඳුළ බර වැඩිවෙයි – පොඩි පොඩි සංශෝධන එපා කියයි

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය වීමේදී විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය විය යුතු බව අලුත් පියාපත් සංවිධානය පවසයි.

අලුත් පියාපත් සංවිධානය විසින් මෙහෙයවන ලද ‘ඇගේ කඳුළ බර වැඩියි‘ තේමාව යටතේ පැවැත්වුණු විද්වත් කතිකාවකදී මේ බව අවධාරණය කෙරිණි.

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු උද්ගත වූ වාතාවරණය තුළ මුස්ලිම් විවාහ වලට අදාලව නීතිමය කටයුතු සිදු කරන කාති උසාවි සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වු අතර එම බලපෑම් හමුවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මැතිඇමතිවරුන් අතර සාකච්ඡා සිදු විය. පසුව ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය.

මෙම සංවාදයට පැමිණි අයෙක් ද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධන පිළිබඳ අදහස් පළ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වු අතර එහිදී හිටපු ඇමැතිනි ෆේරියල් අෂරොෆ් මහත්මිය අදහස් දක්වමින් දික්කසාද වූ පසු දරුවන්ගේ භාරකරු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වන බවත් නඩත්තු ගෙවන්නේ කවුද යන්නත් ඇය විමසා සිටියාය.

මුස්ලිම් විවාහ නීතියට පොඩි පොඩි වෙනස්කම් නොකරන ලෙසත් තමන් ඉල්ලන සියලුම සංශෝධන එකට එකතු කර මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කරන ලෙසද මුස්ලිම් කාන්තාවට තවදුරටත් කඳුළු බරින් සිටීමට නොහැකි බවද ඇය කියා සිටියාය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *