කොරෝනා

ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාධිත පළමු රෝගියා ගම්පහ රෝහලේදී හමුවූ කාන්තාව නොවේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවකයන් කීප දෙනකුට පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම එම ආයතනයේදී වෛරසය ආසාදනය වූ පළමු ආසාධිතයා ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම කාන්තාවට රෝග ලක්ෂණ පහළ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 28 වැනිදා බවත්, ඇය ගම්පහ මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ සැප්තැම්බර් මාසයේ 30 වැනිදා බවයි. කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් තොරතුරු ලබා ගැනීමේදී අනාවරණය වූයේ එම සේවකයින්ට සැප්තැම්බර් මාසයේ 20 වැනිදා සිට නොයෙක් ශ්වසන රෝග ආබාධ පැවැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *