හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
අදාළ ලිපිය යොමු කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි. ඒ අනුව නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ, හිස් වැසුම් පැලදීම පිළිබඳ නීතිය ද ක්‍රියාත්මක නොවන බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයෙන් පසු නිකාබ්, බුර්කා ඇතුළු මුහුණු ආවරණය වන පරිදි ඇඳීම හා පැළඳීම තහනම් විය. නමුත් මුස්ලිම් අන්තවාදීන් විසින් නිකාබ් හා බුර්කා පැළඳ විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකළ සිදුවීම් පසුගිය සමයේ සිදුවිය. මේ හේතුවෙන් ආරක්ෂාවටද ඇත්තේ දැඩි තර්ජනයකි. විශේෂයෙන්ම මේවා පැළඳ බැංකු හා ඒ.ටී.එම් යන්ත්‍ර කුටි සඳහා ඇතුළුවීම ආරක්ෂාවට තර්ජනයක් බව බැංකු සේවකයෝ පවසති.