වර්තමාන ආණ්ඩුවට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පොදු ජනතාවට ලබා දීමට අපොහොසත්ව ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රජයට හිතක් පපුවක් ඇත්නම්, පොදු ජන හද ගැස්ම හඳුනනවා නම් වහා තෙල් මිල අඩු කළයුතු බව කී හෙතෙම එම අඩුකිරීම ජාත්‍යන්තර වෙළඳපොලේ මිල අඩු වීමට සාපේක්ෂව ලබා දියයුතු බවද පවසා සිටියි.
ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළොත් එය කරන්නේද විපක්ෂයේ බල කිරීම නිසා බවත්, 41% කින් ඉන්ධන මිල අඩු නොකර සුළු මිල අඩු කිරීමක් කළහොත් ප්රජාතන්ත්රවාදී ලෙස ඊට එරෙහිව ජනතාව සමග අරගල කරන බවද කීය.