ආණ්ඩුව මුව ආවරණ නොමිලේ ලබාදීය යුතුයි – සජිත්

කොරෝනා වෛරස් අවදානම වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීමට ආණ්ඩුව මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මුව ආවරණවලට ඇති අධික ඉල්ලුම හේතු කොටගෙන ඇතැම් වෙළෙඳුන් ඒවායේ මිල අධික ලෙස ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් එතුමා සඳහන් කරයි. ඒ අනුව කලින් ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව මෙන්ම මුව ආවරණ මාෆියාවක්ද ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති බැවින්, මෙවැනි මොහොතක එලෙස ජාවාරම් කරන වෙළෙඳුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂනායකවරයා අවධාරණය කරයි.

රාජ්‍ය යාන්ත්‍රණය ගම දක්වාම ක්‍රියාත්මක කළ යුතු බවත්, එමගින් සියලු පවුල් ඒකක හා පුද්ගලයන් දැනුවත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය වහාම පියවර ගතයුතු බවත්, ඒ අනුව කෙටි පණිවුඩ යැවීම්, අත්පත්‍රිකා බෙදාහැරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය රජය මැදිහත්ව කඩිනමින් සිදුකළ යුතු බවද එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *